Thursday, January 26, 2017

සඳටත් එපිටින් ගගනත සරනා දිලෙන නිවෙන තරුවක               ඇරයුම්
හීනි නෙත් සරින් ඉවත හෙලන්නෙමි යලිත් එපා මට රුවැති            උවම්
කඳුළු වැළපෙනා අඳුරු රාත්‍රිය තබා ලමැද තනිකමම                         දරම්
සඳක් දකින්නට වරම් පතන්නෙමි,   අහස් ගවුව නෙත සිඹින           තරම්


                                                                     ~  සමූ~

Wednesday, January 25, 2017

සිනා පිරුනු මුව මඬලේ හිත නැවතුනු හින්දා
මට නොදැනිම ඔබේ නෙතට පෙම් කළාද මන්දා
ඔබ දකින්න මගෙ දෙනුවන් පෙරුම් පුරන හින්දා
මගෙ අදරෙ මහ මෙරටත් වැඩි වුනාද මන්දා


ආයෙත් මට පෙම් කරන්න කියාදුන්නු හින්දා
මගෙ සිනහව මගේ ලඟට ගෙනත් ඩුන්නු හින්දා
කවදාවත් දාල යන්න මට බැරි වෙන හින්දා
මගෙ ආදරෙ මහමෙරටත් වැඩි වුනාද මන්දා...
       
                                         ~ පොඩ්ඩී~

Monday, January 23, 2017

සරසවි සිසු විරෝධතාවයට පසු වදනක්......
_______________________________
හාත්පස වසා දුම් රොටු නැගෙනකොට
ගලනා රතු කඳුළු දුටුවෙමි නෙත් අගට
මතු පරපුරක උරුමය ගෙන අත් දෙකට
තව දිරි ලැබීයන් කෑමොර දෙන නුඹට
යදමින් බැඳි විලංගුව දෙක සිඳෙනකොට
එක පිට එක සටන් කවි පද බැඳෙනකොට
නුඹ වන් පුතුන් ලේ කඳුලැල් හලනකොට
පුදසුන මතට වී මියැදිය හැකිද මට
දිවිමග දූලි රළු බොරලුත් හුරු අපට
සවි බිඳලිය හැකිද රළු ජල පහරකට
බැස නුඹෙ පා පහස ලද මේ මහ මගට
පයකට ගැටී මිය යන එක සැපයි මට......
(මහ පාර මැද අතරමං වුන අරලිය මලට මෙහෙම හිතෙනව ඇති...)
 ... සමූ...

ඉස්සරෝම ආව ගමන් කවියක් දැම්මට ලියන්නේ කවුද කිසිම විස්තරයක් මං ඔයාලට කිවුවෙ නෑ.ඉතින් දැන් ඒ ටික කියන්නම්.මං මොරටුව කැම්පස් එකේ තොරතුරැ තාක්ෂණ පීඨයේ දෙවනි වසර සිසුවියක්.නම ඕන නෑ.කලින් පෝස්ට් එකේ වැරදීමකින් නම එලියට ආවනේ.සමූ කියල කියන්නම්.මේ යාලුවො කියන නම.ඉතින් දිගටම ඒ නමින්ම ලියන්න හිතුවා.දැනට මගෙ කවියක් කියවලා යන්න.ලඟදීම අපේ කැම්පස් එකේම තවත් මිතුරියක් මේකට සම්බන්ධ වෙයි.ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔයාල වෙනුවන් මං මගේ පන්හිඳට පන දෙනවා..ඉතින්, එන්න.පන ගැහෙන පන්හිඳට මුවා වී ආත්මය විනිවිද දකින්නට.....

Tuesday, January 17, 2017

පන ගැහෙන පන්හිඳට මුවා වී ජීවිතය විනිවිද දකින්නට..........

දවා තුන් හිතම ඉඟි කර                  බලනකොට
යවා බැඳ තිබූ යදමුත්                         වීසිකොට
දිවූ සිත ගිහින් නුඹෙ සිත් අහස                    යට 
මුලා වූ වගක් තව නෑ සිතී                            මට 


හොවා මිණි ඔටුනු නැති වුව නුඹෙ             හිසට 
හවා උදේ දුටු සක්විති නුඹයි                         මට 
යවා දුර කිරුළ පැලඳුව පෙම                     නමට 
දවා හිතම යන්නට හිතුනද                        නුඹට 


ලැබූ විවරනය දළදා මළුව                            යට 
තිබූ තැන හිතේ අද ඉඩ නැතිද                      මට 
යවා බලාපන් අත පපු                          කුහරයට 
පවා හද ගැහෙන්නේ තව නුඹෙ                 නමට


 වලාකුළු යහන් නැති පෙම්                  පුවතකට 
සදාතනික වූ තනිකම උරුම                     කොට 
පලා දෙනෙත දැක දැක ගැලු කඳුළු             කැට 
මගෙන් දුරට යන්නද ඕනෑ                        නුඹට 


ගරා වැටුනු සඳ අරගෙන අත්                   දෙකට 
සරා සඳවතක් සේ යළි නුබ                       ගැබට 
බලාන ඉමි වඩිනා තුරු වියන්                        පිට 
වරා තරු කිනිති මැලවුනු අහස                      යට 


 ... සමූ...