Tuesday, February 21, 2017

                          අභිනික්මන් කළ සිදුහත් දැක දැක වැළපෙමි...........

 

 පුරා වැහි අහස දෙදරා
අකුණු කොටන හැටි
ගොම්මං කළුවර සිත ලඟ
ඉකිලනවා නිති
හොරු ඇවිදින් සඳ අහසින්
රැගෙන ගියා වැනි
ලොවක් එලිය කළ යුග නෙතු
වෙනතක හැරවුනි.......
දළදා මළුවේ තාමත්
නෙළුම් සුවඳ රැඳි
පා සටහන් නුඹේ මගේ
වැලපෙනවා ඇති
පින් බිම මත කළ පින් වත්
පිහිට නොවූ හැටි
හද ඇඳි රුව බොඳව ගියා
දළදා හිමියනි........
ඉසුරුමුණි යුවල තාමත්
සිනා සලනු ඇති
නෙලූ ගල් කුළින් වුව පෙම
ගලා හැලෙන හැටි
අමරණීය පෙම් පුවතට
කඳුළැල් මුහුවුනි
අභිනික්මන් කළ සිදුහත්
දැක  දැක  වැළපෙමි.......


 -සමූ-




Thursday, February 9, 2017

නිදිවරාන රෑ පුරාම අකුරු ඇහින්දට
හිත තිබුණේ නුඹෙ උණුහුම ලඟ නිදියන්නට
නෙත පියවී කඳුළු පිරී වෙහෙස දැනෙනවිට
නුඹ විඳිනා දුක සිහිවී ඉකිගැහුනා මට
වෙහෙස දැනෙන නුඹේ ගතට ගිමන් නිවන්නට
නුඹෙ දහඩිය ලේ කිරිවල ණය පියවන්නට
රැජිනියනේ නුඹේ හිසට කිරුළු අරන් හෙට
නුඹ බලන්න ඉගිලී මං එන්නම් හනිකට.....


                                     -පොඩ්ඩී-