Showing posts with label ~සමූ~. Show all posts
Showing posts with label ~සමූ~. Show all posts

Tuesday, January 17, 2017

පන ගැහෙන පන්හිඳට මුවා වී ජීවිතය විනිවිද දකින්නට..........

දවා තුන් හිතම ඉඟි කර                  බලනකොට
යවා බැඳ තිබූ යදමුත්                         වීසිකොට
දිවූ සිත ගිහින් නුඹෙ සිත් අහස                    යට 
මුලා වූ වගක් තව නෑ සිතී                            මට 


හොවා මිණි ඔටුනු නැති වුව නුඹෙ             හිසට 
හවා උදේ දුටු සක්විති නුඹයි                         මට 
යවා දුර කිරුළ පැලඳුව පෙම                     නමට 
දවා හිතම යන්නට හිතුනද                        නුඹට 


ලැබූ විවරනය දළදා මළුව                            යට 
තිබූ තැන හිතේ අද ඉඩ නැතිද                      මට 
යවා බලාපන් අත පපු                          කුහරයට 
පවා හද ගැහෙන්නේ තව නුඹෙ                 නමට


 වලාකුළු යහන් නැති පෙම්                  පුවතකට 
සදාතනික වූ තනිකම උරුම                     කොට 
පලා දෙනෙත දැක දැක ගැලු කඳුළු             කැට 
මගෙන් දුරට යන්නද ඕනෑ                        නුඹට 


ගරා වැටුනු සඳ අරගෙන අත්                   දෙකට 
සරා සඳවතක් සේ යළි නුබ                       ගැබට 
බලාන ඉමි වඩිනා තුරු වියන්                        පිට 
වරා තරු කිනිති මැලවුනු අහස                      යට 


 ... සමූ...